පිපාසයට වතුර ටිකක්
The long hard search for water
පිපාසයට වතුර ටිකක් සොයා යන්නන්ගෙ ගම්මානය බවට අද මාන්තොට්ටම ගම්මානය පත්ව තිබේ.මාස ගනනාවක් නැගෙනහිර අහස් කුසට වලා කුලක් පාවි නොපැමිනිම නිසා ඇති වි ඇති දැඩි නියන් තත්වය නිසා දිගාමඩුල්ල වැවි බැදි රාඡ්‍යයේ මහා වැවි පවා සිදි ගොස්ය. මාන්තොටිටම ගමිමානයේ ආසන්නවම ඇති අමිබලන් ඔය වැවේ වතුර ද අද වන විට අඩි 5/6සිමා වි ඇත . අමිපාර දිස්ති‍්‍රක්කයේ දමන පා‍්‍රදේශිය ලේඛමි කොඨටාශයට අයත් මාන්තොටිටම ගමිමානයේ පවුල් 500 පමණ ජීවත්වේ. ඔවුන්ගේ ප‍්‍රධන ජිවන උපාය ගොවිතැන් කිරිමයි. වැව් දිය සිදි යාමත්, වැසිදිය නොවැටිමත් නිසා ගොවිතැන් අඩාල වී තිබේ. මේ නිසාමත් ගැමියන්ගේ ආර්ථික තත්වය පහත වැටි තිබේ . මාන්තොට්ටම ඡනතාවට මේ දිනවල මුහුන පැමට සිදුව තිබේන ප‍්‍රධානම ගැටළුව නමි පානිය ඡලය ලබාගැනි ෙමි ගැටළුවයි .සැතපුම් 3/4 පමණ දුරක් ගෙවා ගෙන පහත් බිම්වල ඇති ළිං සොයා ගෙන යන්නට ඔවුන්ට සිදුවි තිබේ. අසුව දශකයේ මුල් කාලයේ පැවති නියං තත්වයට පසුව ඉතාමත් දැඩි ලෙස පිඩාවට පත් වු කාලයක් ලෙස මේ කාලය ගැමියන් විසින් හදුන්වනු ලබයි.
ඊසාන දිග මොසම් සුළං හේතු කොට ගෙන නැගෙනහිර මෙම කලාපයට වැසි වැටෙනවා. සැම වසරකම සැත්තෑම්බර් මුල් කාලයේ දි වැසි වැටුනත් මෙවර සැත්තම්බර් මාසය නිමාවට පත් වුවද වර්ෂාවක් සහිත අහසක් දක්නට නැත.ගොවිහු තම ගොඩ ඉඩම් පවා වගා කටයුතු සදහා සුදානම් කරගෙන සිට්.ඔවුන් දවස අරභනුයේ දවසට උවමනා කරන වතුර සොයා ගෙන යන්නටය.
“අපිට වතුර වලින් සැහෙන්න කරදරයි, වතුර ගෙන්න කිලොමිටර් 3/4යන්න වෙනවා. ගමේ ළිං 3/4ක් තියේනවා ඒ ළිං වලින් වතුර ගන්න උදේන්ම යන්න වෙනවා.සමහර වෙලාවට අපිට පෝලිමෙ ඉන්න වෙනවා පැය දෙක තුන බුලි තියාගෙන අපේ වාරය එනකම්.සමහර අය ඒ තැන් වලන් වතුර අරන් ගිහින් විකුනනවා කුබෝටා තියේන අය තමයි එහේම කරන්නේ මට ස්කොලේ යන ළමයි දෙන්නේක් ඉන්නවා එයාලා ස්කොලේ යවන්න වෙලාවට වතුර ටික ගෙන්න වෙනවා පවුලේ කට්ටියත් එක්ක වැවට නාන්න යන්නේ දවස් තුනකට විතර සැරයක්” කම්මල් රැකියාවෙන් තම ජීවිකාව පවත්වාගෙන යන කේ.ජී සුජීත් පවසා සිටියා.
වසර ගනනාවක් පලදාව දුන් පොල් ගස් පිලිස්සි ගියාක් මේන් විනාශ වි ඇත අවට පරිසරයේ ඇති දැඩි සුරිය රශ්මිය නිසා වෙන් දහවල් කාලයේ එළිමහනේ වැඩක් පලක් කිරිමට ද අපහසු වි ඇත . පිරිසිදු වතුර සොයා ගැනිමට ඇති අපහසු තාවය නිසාවෙන් මෙම දින වල ප‍්‍රදේශයේ කුඩා දරුවන්ට යම්යම් රෝගාබාධයන් ද ඇති වි තිබේ. නිසියාකරව නෑමට ඡලය නොමැති විම නිසා චර්ම රෝග යන් ද ඇති වි තිබේ.
“දැනට දමන ප‍්‍රදේශිය සභාවෙන් සතියකට වරක් වතුර බවුසරයෙන් ගමේ අයට බුලි දෙක ගානේ දේනවා එක දවස් දෙකකටත් මදි. ළිං වලින් වතුර ගන්න ගියාම එතනත් ප‍්‍රශ්ණ ඇති වෙනවා එත් මොනවා කරන්නද බොන්න වතුර ටික නැති වුනාම මොකුත් කරන්න බෑනේ” ඉන්ද්‍රනිල කුමාරි පැවසුවාය .
පාරට කිට්ටුව ඇති නිවෙස් හිමියන්ට යම්සහනයක් ලැබුණද ගම ඇතුලට වන්නට සිටින අය හට එම සහනය ද අහිමිව ගොස් ඇත.යතුරු පැදියක් හො පාපැදියක් නොමැති නම්,එය ද ඔවුන්ට ගැටළුවක් වි තිබේ.
“බිමට වතුර ගෙන්න බැරිව ගොඩක් ඉන්නවා .වාහන තියේන අය තමන්ට ඕන වතුර ගෙනවා, එහෙමත් බැරි අය මට කුබොටා එකක් තියෙන නිසා වතුර ගෙන්න කියනවා පවුල් 40/50කට විතර දවසකට මම වතුර දෙනවා .ඩිසල් ගාණට හරියන්න එක බූලියකින් රු 25 විතර ගන්නවා”. වතුර අලේවි කරුවෙක් වන පද්ම සිරි කිය.
“අපේ පාසලටත් වතුර නෑ මේ තියේන රස්නේ හින්දා වතුර තිබහත් වැඩි, අම්මලා තාත්තලා උදෙන්ම නැගිටලා වතුර ගේන්නේ ගොඩක් දුර ගිහිල්ලා උදේට වතුර ගෙනාවට පස්සේ තමයි කෑම උයන්නේ. එතනත් සෙනග ඇවිල්ලා හිටියොත් ගොඩක් වෙලා යනවා එක හින්දා සමහර දවස් වලට අපි පාසලට යන්නෙත් ගොඩක් පරක්කුවෙලා” පාසල් සිසුවියක් වන සචිනි ඉමේෂා පැවසුවාය.
පිරිමි අයට තම ඡීවන උපායන ගැන සිතිමත් ගැටළුවක්. ඒ වතුර සොයාගෙන ගියාම තම කාලය එයට ගතවන හින්දා, කේ.අනුෂා තම ස්වාමියා රාඡකාරි කටයුතු සදහා පිටත විම නිසා තම කුඩා දරුවාගෙ අවශ්‍යතාවයන් සදහා සල්ලි දිලා වතුර ගන්නවා.
මාන්තොට්ටම ග‍්‍රාමෝදය මණ්ඩලේ සභාපති එස් කේ හේමපාල පවසා සිටියේ නිසියාකාර පානිය ඡල පද්ධතියක් සදහා විශාල ඡල ටැංකියක් හා වතුර මෝටරයක් ලැබි තිබුන ද අනිකුත් උපාංග සදහා මුදල් නොලැබිම නිසා වසර කිපයක් තිස්සේ එම ඡල පද්ධතිය පිලිබද බලධාරින්ගේ අවධානය නැතිව ගොස් තිබේන බවයි.
“අම්බලන් ඔය වැව අසන්නයේ ඇති කුඩා කදුගැටය උඩ ඉදලා කිලෝමිටර 4 පමණ දුරින් තියේන ගල් කන්දට වෙනකම් වතුර දෙන්න මේ යොඡනා ක‍්‍රමයට පුලූවන් එහෙමයි ඇස්ත මේන්තු කරලා තියෙන්නේ. රාඡ්‍යනොවන සංවිධානයක් මේ වෙනකොටත් අපිට පොරොන්දු වෙලා තියේන්නේ පානිය ඡලයොඡනා ක‍්‍රමය සම්පුර්න කරලා දේනවා කියලා .අපේ ගමට කාලයක් ති‍්‍ර‍්‍රස්තවාදි කලබල තිබුණා. දැන් ඒ තත්වය නැති හින්දා හැමොගෙම අවදානය යොමු කරගෙන ගමට වතුර දෙන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා”.හේමපාල කිවේය.
ලක්ෂ10ක වියදමේන් මේවන විට ඉදිකර අති ඡල යොඡනා ක‍්‍රමයට ඉතිරි වැඩකටයුතු සදහා ගම්වාසින්ගෙ ශ‍්‍රමදායකත්වය දෙන්නට ඔවුන් සුදානමින් සිටිනවා. ඉදිරිකාලය තුලදි මෙම පානිය යොඡනා ක‍්‍රමය සර්ථක කරගන්නට කටයුතු කිරිම ගම්වාසින්ගෙ බලාපොරොත්තුවයි.
